රුසියා හා යුක්රේන යුද්ධය නිසා ලංකාවට වාසියක් පෑදෙයි

0
291

යුක්රේන – රුසියානු අර්බුදය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට අපේක්ෂා කළ තරම් බලපෑමක් මේ දක්වා සිදුව නැතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කළේය.සභාපති උපුල් ධර්මදාස මහතා සදහන් කළේ,අර්බුදය පැවතියද සංචාරකයින්ගේ පැමිණිමේ අඩුවක් සිදුව නොමැති බවයි.

පවතින මෙම අර්බුදය තවදුරටත් පැවතියහොත් රුසියාවට හා යුක්රේනයට යාමට සිටි සංචාරකයින් පවා මෙරටට පැමිණෙනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කළේය.ඉකුත් දින කිහිපයේ මෙරටට පැමිණි සංචාරකයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සභාපති උපුල් ධර්මදාස මහතා සදහන් කළේය.

පසුගිය ජනවාරි මස පළවනදා සිට පෙබරවාරි 24 වනදා දක්වා කාලය සැලකීමේදී මෙරටට සංචාරකයින් එක් ලක්ෂ 64,898 දෙනෙකු පැමිණ ඇත.ඉන් 26,597 දෙනෙකු රුසියානු ජාතිකයින් වේ.අදාළ කාලය තුළ වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ රුසියාවෙන්.

යුක්‍රේනය ආසන්නයේ ඇති පෝලන්තය හා බෙලරුස් යන රටවලින් ද එම කාලය තුළ සැලකිය යුතු සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here