Monday, September 23, 2024

අගමැති ලබන මස පාකිස්තානයට යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් මෙම වසරේ අප්‍රේල් මාසයේදී පාකිස්තානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ පසුගිය 22 වනදා අගමැතිවරයා හමුවීමට මෙරටට අලුතින් පත්වූ පාකිස්තාන මහකොමසාරිස්වරයා පැමිණි අවස්ථාවේදී මෙම සංචාරය පිළිබඳව ද සාකච්ඡා කර තිබෙන බවයි.

පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් පසුගිය වසරේ මෙරට නිල සංචාරයක නිරත වූ අතර එහිදී දෙරට අතර ද්විපාර්ෂික සහයෝගීතාවය ඉදිරියට ගෙන යාම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක්ද අත්සන් කරනු ලැබීය.

එහෙත් විදේශ අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ අවබෝධතා ගිවිසුම් මන්දගාමීව ඉදිරියට යන බවයි.

කෙසේ වුවද දැනට මෙරට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගැනීමක් ලබාදී නොමැති King Edwards පකිස්තානු වෛද්‍ය විද්‍යාලයට ශ්‍රී ලංකාවේ පිළිගැනීම ලබා දීම සඳහා අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles