Monday, September 23, 2024

05 වැනි දා වන විට කප්පාදුවකින් තොර ව විදුලිය සැපයීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා

මෙරට බලාගාර සඳහා අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් විදුලිබල මණ්ඩලය මඟින් ඍජුව ම මිල දී ගෙන ලබන 05 වැනි දා වන විට කප්පාදුවකින් තොර ව විදුලිය සැපයීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සදහන් කළේය.

ඊයේ කොළඹ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේ, ඉන්ධන මිල දී ගන්නා ලෙස රජය විදුලිබල මණ්ඩලයට පසුගිය දා දැනුම් දුන් බවයි.

ඒ සඳහා වන අවසරය රජය ලබාදුන් බවත් ඒ් අනුව මාසයකට විදුලිය උත්පාදනය කිරීමට වැයවෙන ටොන් 30,000 ක ඩීසල් හා දැවිතෙල් ආනයනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles