Monday, September 23, 2024

රුසියානු කාලතුවක්කු ප්‍රහාරයකින් යුක්රේන සොල්දාදුවන් 70 දෙනෙකු ජීවිතක්ෂයට

යුක්රේනයේ හමුදා කඳවුරට එල්ල වූ රුසියානු කාලතුවක්කු ප්‍රහාරයකින් අවම වශයෙන් සොල්දාදුවන් 70 දෙනෙකු මිය ගිය බව යුක්රේන නිලධාරීන් තහවුරු කර තිබේ.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ දැනට රුසියානු හමුදා විසින් වටලනු ලබන සුමි ප්‍රදේශයේ ඔක්ටිර්කාහිදීය. සුන්බුන් අතර දිවි ගලවා ගත් අය සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි.

යුක්රේනයේ පාර්ලිමේන්තුව විසින් හමුදා භටයින්ට උපහාරයක් කරමින් “යුක්රේනයේ විරුවන්ට සදාකාලික මහිමය” යනුවෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත. ඔවුන් ග්‍රාඩ් මිසයිල ප්‍රහාරවලින් මිය ගිය බව පාර්ලිමේන්තුව ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles