Monday, September 23, 2024

ඉන්ධන පිරවුම් හල් අසල විශේෂ ආරක්ෂිත ක්‍රමයක්  ක්‍රියාත්මක කිරීමට පොලිස්පති චක්‍රලේඛයක් හරහා දැනුම් දෙයි

මෙරට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරවුම් හල් අසල මහජනයා ඒකරාශිවීමෙන් ඇති වන කළහාකාරී සිදුවීම් වළක්වා ගැනීම සදහා ඉන්ධන පිරවුම් හල් අසල විශේෂ ආරක්ෂිත ක්‍රමයක්  ක්‍රියාත්මක කළ යුතු බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඉකුත් (28) විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දෙයි.

ගොවි අවශ්‍යතා, කෘෂිකර්මාන්ත සදහා යොදා ගන්නා උපකරණ වලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සදහා බූලි රැගෙන ජනතාව වෙත බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීම සඳහාත්, සංචාරක ක්ෂෙත්‍රයට අදාලව සංචාරකයන් ප්‍රවාහන කරන රථ වාහන සහ අත්‍යාවශ්‍ය සේවාවන් වල ගිලන්රථ, ගිනි නිවීමේ රථ, වෙනත් රෝගී ප්‍රවාහනය කරන රථ, රථ වලට ප්‍රමුඛතාව ලබා දී දීම සදහා අවශ්‍ය පියවර ගතයුතු බවද පොලිස්පතිවරයා සිය චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත.

මහජනතාවට ඉන්ධන ලබා ගැනීම සදහා වාහන පෝලිම් පවතින අවස්ථාවල තදබදය අවම කිරීම සදහා සහ කළහාකාරි සිදුවීම් වලක්වා ගැනීම සදහා  ඉන්ධනහල් අසලට පොලිස් නිලධාරීන් යොදවා යෙදවිය යුතු බවටද එහි සඳහන් ව ඇත.

ඉන්ධන ලබා ගැනීම සදහා වාහන පෝලිම් පවතින අවස්ථාවල තදබදය අවම කිරීම සඳහා සහ කළහාකාරි සිදුවීම් වලක්වා ගැනීම සදහා ඉන්ධනහල් අසලට පොලිස් නිලධාරීන් යොදවා යෙදවිය යුතු බවටද එම නිවේදනයේ සදහන් වන බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග කියයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles