Sunday, September 22, 2024

අද සහ හෙට සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයක

සෞඛ්‍ය වෘත්තිය සමිති 17 ක් අද සහ හෙට සංකේත වැඩ වර්ජනයක නිරත වේ.

ඒ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට නිසි විසඳුම් නොලැබීමට විරෝධය පළ කරමිනි.

මෙරට සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහන් කළේ, අද උදැසන 8 සිට දිවයින පුරා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බවය.

එහෙත් ළමා රෝහල් , පිළිකා රෝහල් , මාතෘ රෝහල් , මධ්‍යම ලේ බැංකුව සහ කොළඹ ජාතික ‍බෝවන රෝග විද්‍යායතනය මෙම වැඩවර්ජනයට එක් නොවන බවද ඔහු තව දුරටත් සදහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles