Sunday, September 22, 2024

රුසියානු ගුවන් යානා සඳහා තම ගුවන් කාලාපය තහනම් කිරිමට ඇමරිකාව තීරණය කරයි

රුසියානු ගුවන් යානා සඳහා තම ගුවන් කාලාපය තහනම් කිරිමට ඇමරිකාව තීරණය කර තිබේ.

ඒ අනුව රුසියානු ගුවන් යානා සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ගුවන් කලාපය වසා දමන බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

 “අපි සියලුම රුසියානු ගුවන් ගමන් සඳහා ගුවන් අවකාශය වසා දමමු. පුටින් දැන් වෙන කවරදාටත් වඩා ලෝකයෙන් හුදෙකලා වී ඇත.” යනුවෙන් රුසියානු ජනාධිපතිවරයා යුක්රේනයට එරෙහිව යුද්ධය හෙළා දකිමින් බයිඩ්න් අදහස් දැක්වීය.

ඇත්තටම යුද්ධය ලේසියි කියා පුටින් වැරදි ලෙස ගණනය කර ඇත” බයිඩෙන් අවධාරණය කළේය: යුක්රේනයේ ජනතාව, ඔවුන්ගේ මුළු ශක්තියෙන් මාතෘ භූමිය ආරක්ෂා කරන බවත්, ඔවුන්ගේ ස්ථාවරය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ නේටෝව යුක්රේනය වෙනුවෙන් සිටින බවත් කීය.
ලොව පුරා පුටින්ට සහ රුසියාවට පනවා ඇති සම්බාධක ගැනද බයිඩ්න් සිහිපත් කළේය.

ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ රුසියානු ගුවන් යානා සඳහා ඇමරිකානු ගුවන් කාලය තහනම් කිරීමේ නියෝගය නිකුත් කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රුසියාව තවදුරටත් හුදකලා කර තැබීම මෙහි අරමුණ බවත් පනවා ඇති ආර්ථික සම්බාධක හමුවේ රුසියාවේ ආර්ථිකය දැනටමත් කඩා වැටී ඇති බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි.

රුසියාවේ සිට ඇමරිකාව වෙත පැමිණෙන ඇතැම් ගුවන් ගමන් දැනටමත් තහනම් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

යුරෝපය සහ කැනඩාව දැනටත් රුසියානු ගුවන් යානා සිය ගුවන් කලාපයට පැමිණිම තහනම් කර තිබේ.

මේ අතර ඇමරිකානු ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන බෝයිං සමාගම අද නිවේදනය කලේ රුසියාව සමග සියලු සබඳතා අත්හිටුවන අතර නඩත්තු හෝ තාක්ෂණික සහය සැපයීමෙන් වළකින බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles