Friday, September 20, 2024

ලෝක ප්‍රජාව අඛණ්ඩව රුසියාවට එරෙහි සම්බාධක දැඩිකරයි

ලෝක ප්‍රජාව අඛණ්ඩව රුසියාව ඉලක්කකරමින් සම්බාධක පනවමින් සිටී.

ඒ යටතේ සියලු රුසියානු නාවුක යාත්‍රාවන්ට සිය වරාය වෙත පැමිණීම තහනම් කිරීමට එක්සත් රාජධානිය ඊයේ පියවර ගත්තේය.

එමෙන්ම ෆින්ලන්තය තීරණය කර ඇත්තේ, යුක්‍රේනයට ආයුධ යැවීමට සහ යුක්‍රේන දේශපාලන නායකයින්ට රැකවරණ සැපයීමටය.

යුක්‍රේනයට අමෙරිකානු ඩොලර් මිලියන 50ක යුදාධාර යැවීමට ඔස්ට්‍රේලියාව ද කටයුතු කළේය.

මේ අතර රුසියාවේ සිට සිදුකරන සියලු බොරතෙල් ආනයනය නවත්වාදැමීමට තීරණය කළ බව කැනඩාවද නිවේදනය කර ඇත.

වාර්ෂිකව කැනඩාව, රුසියාවෙන් මිලදීගන්නා බොරතෙල්වල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 550කි.

පවතින ආර්ථික අවදානම නිසා රුසියානුවන්ට මුදල් විදේශගත කිරීම තහනම් කිරීමට ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඊයේ නියෝග කර ඇත.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් ඊයේ පැවැත්වුණි.

එහිදී සභාව ඇමතූ එක්සත් ජාතීන්ගේ යුක්‍රේන නියෝජිතයා  දෙවැනි ලෝක සංග්‍රාමයේ අවසන් කරමින් ජර්මනියේ හිටපු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ට අත් වූ ඉරණම උදාහරණයට ගනු ලැබුවේ වත්මන් රුසියානු ජනාධිපතිවරයාට බද්ධ කරමිනි. 

Sergei Kyslytsya – එක්සත් ජාතීන්ගේ යුක්‍රේන නිත්‍ය නියෝජිත 

“ඔහුට අවශ්‍ය සියදිවි නසාගන්න නම්, ඒ සඳහා න්‍යෂ්ටික අවිබලය භාවිත කළ යුතු නැහැ. ඔහු කළ යුත්තේ බර්ලීනයේ හිටපු මිනිසා  කළ දේ, අර 1945 මැයි මාසයේදී බංකරයක් තුළ කරගත් දේ.”

අද දෙරණ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles