Friday, September 20, 2024

මෝටර් රථ 4,000 ක් සමඟ නෞකාවක් අත්ලාන්තික් සාග⁣රයේ මුහුදුබත් වෙයි

මෝටර් රථ විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදුබත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

“ෆෙලිසිටි ඒස්” නම් එම නෞකාවේ සුඛෝපභෝගී මෝටර් රථ 4,000ක් පමණ තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම නෞකාව ජර්මනියේ එම්ඩන් වරායේ සිට අමෙරිකා එක්සත් ජනපදය දක්වා ගමන්කරමින් තිබියදී අනතුරට පත්විය.

මේ වනවිට නෞකාව අත්ලාන්තික් සාගරයේ මීටර් 3500ක් පමණ පතුළේ රැඳී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෘතුගීසිය ආසන්නයේ පිහිටි අසොරෙස් දුපත් සමූහය ආසන්නයේ එම නෞකාව මීට සති දෙකකට පමණ පෙර ගිනි ගැනීමකට ලක්විය.

තම මෝටර් රථ සඳහා ඩොලර් මිලියන 155ක රක්ෂණ ආවරණයක් ඇති බවයි වොක්ස්වැගන් සමාගම උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ.

බෙන්ට්ලි සමාගමේ මෝටර් රථ 189ක් සහ පෝර්ශේ මෝටර් රථ 1,100ක් එහි තිබූ බව වාර්තා වනවා.

මීටර් 200ක් දිගන් යුත් එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 22ක් මුදා ගැනීමට ද පෘතුගාල ගුවන් හමුදාව කටයුතු කර තිබේ.

විද්‍යුත් වාහනවල භාවිත කරන ලිතියම් බැටරි හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි බලධාරීන් සැක කරන නමුත් ගින්නට හේතුව පිළිබඳව තවමත් පරීක්ෂණ ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

නෞකාවේ ඉන්ධන සහ තෙල් මෙට්‍රික් ටොන් 2,000ක් ප්‍රවාහනය කරමින් තිබූ හෙයින් ඉන් සාගරය දූෂණය විය හැකි බවට ද විශේෂඥයින් අනුමාන කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරට ත් වාර්තා කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles