රාජ්‍ය ඇමති විදුරට හා මන්ත්‍රී දොලවත්තට එරෙහිව විනය පියවර ගැනීමට පොදුජන පෙරමුණ සැරසෙයි

0
317

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් එක්ව ඊයේ පැවැත්වූ “මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශනය” එළිදැක්වීමේ වැඩසටහනට සහභාගී වූ සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධයෙන් විනය කමිටුවේදී සාකච්ඡා කර ඉදිරි තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. 

එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසුවේ අදාළ වැඩසටහනට පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආරාධනා කර නොතිබුණු බවයි. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක් එය සංවිධාන කර තිබුණ ද එහිදී ප්‍රකාශ වූ ඇතැම් කරුණු අනුමත කළ නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ. 

ආණ්ඩුව විවේචනය කරමින් සිදුකළ එවැනි ප්‍රකාශවලට සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා දැක්වූ ප්‍රතිචාරය අනුව ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් සංවිධාන කළ මෙම වැඩසටහන සහභාගී වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් දෙදෙනා වන්නේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්තයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here