යුද්ධය අස්සෙ ශ්‍රීලංකාව රුසියාවෙන් ඩොලර් මිලියන 300ක ණයක් ඉල්ලයි

0
296

මුළු ලෝකයම රුසියාව හා යුක්රේනය අතර ඇතිව තිබෙන යුද්ධය පිළිබඳව කතා බහ කරන මොහොතක ශ්‍රී ලංකාව රුසියාවෙන් ණයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

එහිදී බොරතෙල්, ගෑස් සහ ගල් අගුරු මිලදී ගැනීම සදහා ඩොලර් මිලියන 300ක ණයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව සදහන්ය.

මේ වන විට දැවැන්ත විදේශ මුදල් අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව රුසියාවෙන් මෙම ණය ආධාරය ඉල්ලා ඇත්තේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට පෙර හෝ පසුවද යන්න පැහැදිලි තොරතුරක් ලැබී නැත.

රුසියාවට එරෙහි එක්සත් ජාතීන්ගේ ඡන්දයේදී ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

මේ අතර, රුසියානු කර්මාන්ත හා වෙළඳ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු වෙළඳ නියෝජිත පිරිසක් මේ මේ වනවිට ලංකාවට පැමිණ සිටිති.

මෙම සංචාරයේ දී රුසියානු කර්මාන්ත හා වෙළඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද හමුවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here