ලබන සතිය වෙනකොට විදුලි කප්පාදුව අඩු කරගන්න පුළුවන්

0
290

ලබන සඳුදා (07) දිනයෙන් පසු එම සතිය තුළ විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලසීමාව අඩුකරගත හැකිවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ජනක රත්නායක මහතා පෙන්වා දෙන්නේ මේ දිනවල පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදු වන්නේ තාප බලාගාර වලට අවශ්‍ය ඉන්ධන නොමැති වීමට නිසා බවය.

මේ වනවිට එම ඉන්ධන ලබා දීම සඳහා ජනාධිපතිතුමන් ඇතුළු දේශපාලන අධිකාරිය කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව ඉදිරි දෙක තුන ඇතුළත විදුලි කප්පාදුව අවම වීමක් හෝ කළමනාකරණය කර ගැනීමක් කිරීමට හැකි වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙරට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද පසුගිය කැබිනට් මණ්ඩලයේදී සඳහන් කර තිබුනේ මෙම සෙනසුරාදායින් පසු විදුලි කප්පාදුව අවසන් වන බවයි.ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී විදුලි බල ක්‍ෂෙත‍්‍රයේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ සෙනසුරාදා විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවනු ඇති බවය.

ඒ මහතා මේ බව පැවසුවේ මහජන මත විමසීමේ වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා අද (03) උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here