හදිසි කැබිනට් සංශෝධනයක් ! විමල් හා ගම්මන්පිල අමාත්‍ය මණ්ඩලයෙන් ඉවතට! එස්.බීටත් ඇමතිකමක්!

0
550

අද කැබිනට් සංශෝධනයක් සිදුවන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව ඇමතිධූර රැසක වෙනස්කම් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

එම ආරංචි මාර්ගවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතාට අධ්‍යාපන අමාත්‍ය ධුරය ලැබෙනු ඇතැයි වාර්තා වනවා.

මේ අතර කැබිනට් අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි යන ඇමතිවරුන්ගේ අමාත්‍ය ධුරයන්හි සංශොධන සිදුවන බවට වාර්තා වනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය ධුරයේ කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන හට කර්මාන්ත සංවර්ධන අමාත්‍යධූරය භාර දෙන බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි හට බලශක්ති අමාත්‍ය ධූරය පැවරෙන බවත් ප්‍රවාහන අමාත්‍ය ධුරය සඳහා දිලුම් අමුණුගම පත් කිරීමට නියමිත බවත් මෙම තහවුරු නොකළ වාර්තා පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here