බැසිල්ව විවේචනය කළ විමල් හා ගම්මන්පිල පැය 24ක් යන්නට මත්තෙන් කැබිනට් මණ්ඩලයෙන් ඉවතට! ඇමති ධූර වෙනස් වුණේ මෙහෙමයි

0
605

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක වෙනසක් සිදුකර තිබේ.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ විමල් වීරවංශ මහතා දරමින් සිටි කර්මාන්ත අමාත්‍ය ධුරය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දී ඇති බවය.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ උදය ගම්මන්පිල මහතා දරමින් සිටි බලශක්ති අමාත්‍ය ධුරය විදුලිබල අමාත්‍යධුරය දරණ ලද ගාමිණී ලොකුගේ මහතාට ලබා දී ඇති බවය.

ඒ අනුව උදය ගම්මන්පිල මහතාට සහ විමල් වීරවංශ මහතාට ඔවුන් දැරූ කැබිනට් ඇමති ධුර අහිමිවී ඇති බවට වැඩිදුර තොරතුරු වාර්තා වෙයි.

මීට අමතරව එස් බී දිසානායක මහතාට කර්මාන්ත අමාත්‍ය ධුරයත් දිලුම් අමුණුගම මහතාට ප්‍රවාහන අමාත්‍ය ධුරයත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට විදුලිබල අමාත්‍ය ධුරයත් පිරිනමා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here