Saturday, November 16, 2024

ඇමතිකමින් අයිං කරාට විමල් ජනපතිට ස්තුති කරයි

මෙපමණ කාලයක් කර්මාන්ත අමාත්‍ය ධුරයෙහි කටයුතු කරමින් කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ක්‍රියා කළ හිටපු අමාත්‍ය විමල් වීරවංශ තමාව අමාත්‍ය ධුරයෙන් ඉවත් කොට ඇති බව දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එවන ලද ලිපිය සම්බන්ධයෙන් සිය නිල මුහුණුපොතෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ, ‘ස්තුතියි’ යනුවෙනි.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාව සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාව එම අමාත්‍ය ධූර වලින් ඉවත් කරනු ලැබීය.

ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (II) (ආ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල ප්‍රකාරව එම විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා ඊයේ (03) පස්වරුවේ එම අමාත්‍ය ධූර වලින් ඉවත් කර ඇත.

කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කර්මාන්ත අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම දන්වමින් ජනාධිපතිවරයා විසින් එවන ලද ලිපියට සිය ස්තූතිය පලකර Twitter හා Facebook හී සටහන් තබා තිබේ.

නව කර්මාන්ත අමාතවරයා ලෙස එස්.බී. දිසානායක මහතා ඊයේ (03) පස්වරුවේ දිවුරුම් දී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles