කැබිනට් මණ්ඩලයේ තවත් සංශෝධන කිහිපයක්

0
399

කැබිනට් අමාත්‍ය ධූරවල තවත් වෙනස්කම් කිහිපයක් සිදුව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව වනජීවි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විමලවීර දිසානායක මහතා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.

මීට පෙර එම අමාත්‍යාංශය පැවතියේ චමල් රාජපක්ෂ මහතා යටතේය.

එසේම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ කැබිනට් අමාත්‍යවරයා ලෙස සී බී රත්නායක මහතා ද දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

එමෙන්ම දිලුම් අමුණුගම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ඊයේ (04) දිවුරුම් දුන්නේය.

සිය ධූරයෙන් ඉල්ලා අස්වූ අරුන්දික ප්‍රනාන්දු මහතා ද නැවත සිය රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබේ.

පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු එම රාජ්‍ය අමාත්‍ය ධූරයේ එලෙස යළි දිවුරුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here