බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානියෙකු යුක්‍රේනියානු හමුදාවට එක්වෙයි

0
302

Mark Ayres නම් බ්‍රිතාන්‍ය හමුදාවේ ප්‍රවීණ හමුදා ප්‍රධානියෙකු යුක්‍රේනයේ Bedford නගරයේ රැඳී සිටියදී විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ යුක්‍රේන යුධ හමුදාවට බැඳීම සඳහා තමන් කීව් නගරය වෙත ගමන් කරමින් සිට්න බවයි.

“මම රූපවාහිනියෙන් මේ රටේ යුධ තත්වය ගැන දැක්කා. මගේ පළපුරුද්ද සහ පුහුණුව මත මම හිතුවා මගේ සේවය යුක්‍රේන හමුදාවට ලබා දිය යුතුයි කියල. යුක්‍රේන හමුදාව, ජනතාව සහ යුක්‍රේන ජනපතිගේ අභීත වීරත්වය මට අදහාගත නොහැකි උනා.

ඒ වගේම රුසියාව වටකරගෙන සිටියදීත් යුක්‍රේන ජනාධිපති නොබියව ඊට මුහුණදීම මගේ හිතට තදින්ම කා වැදුනා. ඒකයි මම මගේ සේවය දෙන්න ආවෙ.

මට තිබෙන හමුදා සබඳතා අනුව සාර්ථක යුධ සටනකට මුහුණ දෙන්න මම යුක්‍රේන හමුදාවට සහය දෙනවා”

යැයි විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here