Saturday, September 21, 2024

සටන් විරාමය රුසියාව කඩ කරන බවට යුක්රේනයෙන් චෝදනා

යුක්රේනයේ මරියුපොල් වරාය නගරයට සහ වොල්නොවකා නගරයට පැනවූ තාවකාලිකව ක්‍රියාත්මක කළ සටන් විරාමය අත්හිටුවා තිබෙනවා.

යුක්රේන බලධාරින් සඳහන් කර ඇත්තේ රුසියානු හමුදා සටන් විරාමයට ගරු කරමින් කටයුතු නොකිරීම හේතුවෙන් මෙලෙස සටන් විරාමය තාවකාලිකව අත්හිටුවන බවයි.

යලිත් නිවෙස් වෙත ගොස් වැඩිදුර තොරතුරු ලබාදෙන තෙක් ආරක්ෂිතව රැදී සිටින ලෙස මරියුපොල් වරාය නගරයේ සහ වොල්නොවකා නගරයේ බලධාරින් නගර වැසියන්ට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැනුම්දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මෙි අතර සිවිල් වැසියන්ට මයුරපෝල් නගරයෙන් පිටවීමට අවසර දීම සඳහා රුසියාව සහ යුක්රේනය අතර එකඟ වූ සටන් විරාම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවන බව යුක්රේනය චෝදනා කරයි. 

ජනතාවට ඉවත්වීමට සකස් කළ කොරිඩෝවේ අවසනය වන සැපොරිශ්ෂියා කලාපයට රුසියානු ආරක්ෂක අංශ පහරදෙන බවද යුක්රේනය කියයි.

ජනතාව ඉවත්වන කොරිඩෝවෝ තාවකාලික සටන් විරාමය තහවුරු කිරීම සඳහා යුක්රේන නිලධාරීන් රුසියානු පාර්ශවය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

පවතින තත්ත්වය හමුවේ යුක්රේනයේ සිටින ලක්ෂ 12 කට අධික ජනකායක් පෝලන්තය ඇතුලූ අසල්වැසි රාජ්‍යයන් වෙත පලායමින් සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles