ශ්‍රීලනිපය පොහොට්ටුවෙන් ඉවතට ? ඉදිරි මැතිවරණවලදී තරග නොකරන්නට යෝජනාවක් ගෙනෙයි

0
289

ඉදිරි මැතිවරණවල දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග තරග නොකළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හමුවේදී යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

මෙම යෝජනාව පිළිබඳ එළඹෙන අවසන් තීන්දුව විධායක සහ මධ්‍යම කාරක සභාවේ දී ප්‍රකාශයට පත් කරනු ඇති බව ජ්‍යේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවා.

ඊයේ (05) කොළඹට එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක මණ්ඩලය මෙම යෝජනාවට පිවිසියේ පසුගියදා කැබිනට් අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අය ජනාධිපතිවරයා විසින් ඔවුන්ගේ ධුරවලින් ඉවත් කිරීමත් සමගයි.

එහිදී ආණ්ඩු පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය පක්ෂ එම ක්‍රියාවලිය විවේචනය කරමින් ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේ, ආණ්ඩුවට පක්ෂපාතී වුව ද රටේ පවතින සැබෑ අර්බුදකාරී තත්ත්වය ජනතාවට පැවසීමෙහි වරද කුමක්ද යන්න පිළිබඳවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here