Friday, September 20, 2024

පැනවූ සම්බාධක ගැන පුටින්ගෙන් වෙත අනතුරු බටහිර රාජ්‍යයන් වෙත අනතුරු ඇඟවීමක් !

යුක්රේන ජනාධිපතිවරයාගේ කීමට හිස නමා, යුක්රේනයට ඉහළ අහස රුසියන් ගුවන් යානාවලට තහනම් කළොත්, බටහිර රටවලට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ.

රුසියාවට ගුවන් තහංචි පනවන සෑම රටක්ම පවතින යුද ගැටුමට සම්බන්ධ රටවල් සේ සලකා ක්‍රියා කරන බව ද රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කළේය. මේ වනවිට රුසියාව යුක්රේනයේ නගර එකිනෙක වටලා පහර දීම ආරම්භ කර ඇත. කීව් අගනුවර ද හමුදා විසින් වට කරනු ලැබ තිබේ.

තම හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල් විසින් පනවන ලද සම්බාධක “යුද ප්‍රකාශ කිරීමකට සමාන” බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා. එමෙන්ම යුක්රේනයට ඉහළින් පියාසර තහනම් කලාපයක් පැනවීමට කිසිවෙක් හෝ දරන ඕනෑම උත්සාහයක් මෙම සන්නද්ධ ගැටුමට සහභාගීත්වයක් ලෙස සලකන බවටයි රුසියානු ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇත්තේ.

රුසියාවේ හදිසි නීතියක් හෝ යුද නීතියක් හඳුන්වා දෙන බවට වන ප්‍රකාශ ද ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අතර රුසියානු හෙලිකොප්ටර් යානයක් යුක්රේන හමුදා මිසයිල ප්‍රහාරයකින් විනාශ වූ බවට දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වනවා. කෙසේවෙතත් රුසියානු පාර්ශ්වයෙන් ඒ පිළිබඳ කිසිදු ප්‍රකාශයක් මෙතෙක් නිකුත් කර නැහැ.

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම ගෝලීය ආර්ථිකයට “දැඩි බලපෑමක්” ඇති කරන බවට IMF අනතුරු අඟවා තිබෙනවා. දින 10කට පෙර රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භයේ සිට, බටහිර රටවල් රුසියාවට සම්බාධක රාශියක් පනවා තිබෙනවා. ජනාධිපතිවරයාගේ විදේශ වත්කම් අත්හිටුවීම සහ රුසියානු බැංකු ගණනාවක් ස්විෆ්ට් ජාත්‍යන්තර ගෙවීම් පද්ධතියෙන් බැහැර කිරීම ද ඊට ඇතුළත්ය.

ජනාධිපති පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනයේ උතුරින්, දකුණින් සහ නැගෙනහිරින් යුක්රේනයට ඇතුළු වී යුද්ධය ආරම්භ කළේ පසුගිය 24 වැනිදාය. දින දෙකක් වැනි කෙටි කාලයකදී යුක්රේනය අත්පත් කර ගැනීම රුසියන් ජනාධිපතිවරයාගේ අරමුණ වූ බව මේ වනවිට අනාවරණය වී තිබේ.

කෙසේ නමුත්, යුක්රේන ජනාධිපති සෙලෙස්කී, ජනතාව ඒකරාශී කර ගනිමින්, හමුදාව සමඟ එක් වී, රුසියන් හමුදාවට අභියෝගයක් වී ඇති බැවින්, දිනෙන් දින යුද ගැටුම් දිග්ගැස්සෙමින් පවතී.

මේ වනවිට සෑම බටහිර රටක්ම රුසියන් ජනාධිපති පුටින්ට, ඔහුගේ රජයේ, හමුදාවේ සහ බුද්ධි අංශයේ ප්‍රධානීන්ට, ව්‍යාපාරිකයන්ට, බැංකුවලට ආර්ථික සම්බාධක පනවා ඇත. ඒ, රුසියාව ආර්ථිකමය වශයෙන් අඩපණ කිරීමටය.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය හමුදාවට පවසා ඇත්තේ යුක්රේන සිවිල් වැසියන් ආරක්ෂා කරමින්, යුක්රේන හමුදාව අඩපණ කිරීමට සටන් කරන ලෙසය. තමන්ට යුක්රේනය අල්ලා ගැනීමට අවශ්‍ය නම් දිගට හරහට පහර දී එය සිදු කළ හැකි නමුත්, යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට මුල් තැන දීමට සිදුවනු ඇති බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පෙන්වා දී ඇත.

මේ අතර, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කරමින්, යුක්රේනයේ සිටින රුසියන් බස කතා කරන රුසියන් සම්භවයක් ඇති වැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට ගන්නා උත්සාහයට සහාය පළ කරමින්, ජනාධිපති පුටින්ට ස්තුති කරමින් රුසියාවේ මොස්කව් අගනුවර ජන රැළියක් ද පැවැත්විණි. දහස් ගණනන් පුටින් හිතවාදීහු ඊට සහභාගී වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles