Saturday, September 21, 2024

සටන් විරාමය කඩකරමින් රුසියානු ආක්‍රමණය තවත් දැඩි වෙයි

එකඟතාවන් මත පනවාගත් සටන් විරාමය යුක්‍රේන හමුදාවල අණුවන ක්‍රියා වලින් කඩ වූ බවත්, මින් ඉදිරියට යුක්‍රේනයේ අනාගතය පිළිබඳ විශ්වාසයක් නොතබන ලෙසත් රුසියානු ජනාධිපති විලැඩිමීර් පුටීන් ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රකාශය මෙතෙක් යුක්‍රේන යුධ ගැටුමේදී පුටින් විසින් සිදුකල දැවැන්තම සහ දරුණුම ප්‍රකාශය බව විදෙස් මාධ්‍ය පවසයි.

මේවනවිට යුක්‍රේන වැසියන් මිලියන 1.5ක් රටින් පිට කිරීමට හැකි වී ඇති බවත්, තවදුරටත් ප්‍රහාර තීව්‍ර කිරීමට බලාපොරොත්තු වන බවත් යුක්‍රේනය වෙත ආයුධ සපයන රටවල් පිළිබඳ තමා අවධානයෙන් සිට්න බවත් රුසියානු ජනපති වැඩිදුරටත් පවසා ඇත.

එමෙන්ම මේ වන විට රුසියාවේ අභ්‍යන්තර තත්වය කිසිඳු මාධ්‍යයකින් පිටතට නොයන පරිදි, ලෝක මාධ්‍ය ඇතුළු සියළුම සමාජ මාධ්‍ය වලට වාරණයක් සහ නීති පද්ධතියක් යොදමින් නවතා ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

මෙි අතර යුක්රේනයේ මරීයුපොල් දකුණුදිග වරාය නගරයේ ප්‍රකාශයට පත් කළ සටන් විරාමය බිඳ වැටී ඇති අතර, රුසියානු හමුදා නගරයට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් එහි සිරවී සිටින සිවිල් වැසියන් ඉවත් කරගැනීම නතරවී ඇති අතර, ඔවුන් නැවතත් ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇති බව සඳහන්ය.

සටන් විරාමය ප්‍රකාශයට පත් කළ යාබද වොල්නොවකා නගරයේ සිවිල් වැසියන් ද තවදුරටත් එහි සිරවී සිටින බවයි වාර්තා වන්නේ.

කීව් අගනුවරට වයඹ දෙසින් පිහිටි ඉර්ෆින් නගරයද රුසියානු හමුදාවල දැවැන්ත බෝම්බ ප්‍රහාරවලට ගොදුරුවන බව විදෙස් වාර්තා සඳහන් කළා.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් බටහිර රටවලට අනතුරු අඟවා සිටියේ යුක්රේනයේ ගුවන් තහනම් කලාපයක් ප්‍රකාශයට පත් කිරීම යුද ප්‍රකාශ කිරීමක් ලෙස සළකන බවයි.

ගුවන් තහනම් කලාපය ක්‍රියාවට නංවන ලෙස යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි බටහිර රටවලින් අඛණ්ඩව ඉල්ලා සිටි අතර, ඔවුන් එය ප්‍රතික්ෂේප කරන්නේ තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බව පවසමින්.

වීඩියෝ සබඳතාවක් හරහා ඇමරිකානු සෙනෙට් සභිකයන් ඇමතූ යුක්රේන ජනාධිපතිවරයා රුසියානු හමුදා සමඟ සටන් වැදීම සඳහා තමන්ට අවි ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා.

එමෙන්ම ඇමරිකාවේ ඛනිජ තෙල් ආනයනයන්ගෙන් සියයට අටක් පමණ වන රුසියානු ඉන්ධන ලබා ගැනීම අත්හිටුවීම ඔවුන් සිදුකළ තවත් ඉල්ලීමක්.

කෙසේ නමුත් යුරෝපයේ තෙල් සැපයුම අඩාලවීම වැළැක්වීම සඳහා රුසියානු තෙල් තවදුරටත් මිලදී ගැනීමට සිදුව ඇති බව ෂෙල් සමාගම ප්‍රකාශ කළා.

දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ වේගවත්ම සරණාගත ප්‍රවාහය යුක්රේනයේ සිට අසල්වැසි රටවලට ඇදෙන බවයි ජගත් සංවිධානය ප්‍රකාශ කළේ.

මේ වනවිටත් මිලියනයකට අධික යුක්රේන ජනයා අසල්වැසි රටවලට පලාගොස් ඇති අතර, මෙම සති අන්තය අවසන් වනවිට එම සංඛ්‍යාව මිලියන 1.5 ඉක්මවනු ඇති බවයි ජගත් සරණාගත ආයතනයේ ප්‍රධානී ෆිලිපෝ ග්‍රාන්ඩි ප්‍රකාශ කළේ. ජගත් සංවිධාන වාර්තාවලට අනුව 760,000 පමණ පිරිසක් යුක්රේනයේ සිට පෝලන්තයට පලාගොස් ඇති අතර, හංගේරියාවට ගොස් ඇති සංඛ්‍යාව 157,000ක්.

යුක්රේනයේ සිටින ජාත්‍යන්තර ශිෂ්‍යයන් අතුරින් විශාල සංඛ්‍යාවක් මේ වනවිට රටින් නික්මී ඇති නමුත් තවත් පිරිසක් තවදුරටත් එහි සිරවී සිටිනවා.

ඉන්දියානු ශිෂ්‍යයන් රැසක් ද ඒ අතර සිටින බව සඳහන්.

තම ශිෂ්‍යයන්ට යුක්රේනයෙන් නික්මීමට අවකාශයක් සළසා දෙන ලෙස ඉන්දීය විදේශ අමාත්‍යාංශය රුසියානු සහ යුක්රේන බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළා.

එතෙක් ආරක්ෂිතව තමන් රැඳී සිටින ස්ථානවලින් පිටතට නොයා සිටින ලෙස ඉන්දීය ශිෂ්‍යයන්ට උපදෙස් ලබාදී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles