යුද්ධයක් සඳහා නේටෝ සංවිධානය සූදානම් !- ඇමරිකානු රාජ්‍ය ලේකම් නේටෝ සංවිධානයේ මතය හෙළි කරයි

0
275
Newly confirmed U.S. Secretary of State Antony Blinken addresses reporters during his first press briefing at the State Department in Washington, U.S., January 27, 2021. REUTERS/Carlos Barria/Pool - RC2KGL9NHFT0

යුද්ධයක් සඳහා නේටෝ සංවිධානය සූදානම් බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසනවා. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පහරදීමට තීරණය කරන්නේ නම් තමන්ට අයත් භූමි සීමාවේ සෑම බිම් අගලක් වෙනුවෙන්ම සටන් වැදීමට නේටෝ සංවිධානය සූදානම් බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කළා.

රුසියාව සමග යුද්ධයෙන් යුක්රේනයට ජය ගතහැකි බවට තමා විශ්වාස කරන්නේයැයි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසයි. බ. බී. සී ප්‍රවෘත්ති සේවයට අදහස් දක්වමින් ඔහු සදහන් කලේ මෙම යුද ගැටුම කොපමණ කාලයක් පවතීදැයි කිව නොහැකි බවයි. යුද්ධයකදී යුක්රේන ජනතාවගේ අසාමාන්‍ය ඔරොත්තුදීමේ හැකියාව ඔහු අගය කළේය.

කෙසේවෙතත් රුසියාව සමග යුද්ධයකට අවතීර්ණ වීමට නේටෝ සංවිධානය අපේක්ෂා නොකරන බවයි අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශ කළේ.

මේ අතර යුක්රේනයේ පිහිටි යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන සෙපෝසියා බලාගාරය රුසියානු හමුදාව විසින් අද අත්පත් කර ගෙන ඇතැයි යුක්රේනය තහවුරු කළා. ඒ, රුසියානු හමුදාව විසින් එම බලාගාරය ඉලක්ක කර එල්ල කළ ප්‍රබල ප්‍රහාරවලින් අනතුරුවයි. කෙසේවෙතත් ප්‍රහාර හමුවේ ජීවිත හානි රැසක් වාර්තා වන බව යුක්රේනය පසුව නිවේදනය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here