තමාව නිරීක්ෂණයට තරම්, පිරිසිදු අයෙක් ඡායා කැබිනට්ටුවේ නෑ – ෆොන්සේකා වැඩ භාර ගනිමින් පවසයි

0
346

ඒකාබද්ධ විපක්ෂය විසින් පත් කර ගනු ලැබූ ඡායා කැබිනටුවේ එක් පිරිසිදු පුද්ගලයෙකු තමාගේ අමාත්‍යංශයේ වැරදි සෙවීමට අවශ්‍ය බව  ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ  ඊයේ(14) දින නිල වශයෙන් ඒ මහතාගේ අමාත්‍යාංශයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක් වෙමිනි.

තමාගේ අමාත්‍යංශය නිරීක්ෂණය කරනවානම් ඊට තමන් කැමති බවත්, නමුත් තමාව නිරීක්ෂණය කිරීමට තරම් සුදුසු පිරිසුදු මිනිසුන් ඒ කල්ලියේ නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම එෆ් .සී. අයි.ඩී , හා  සී .අයි .ඩී.  පරීක්ෂණ යන වේගය  ගැන සැහීමකට පත් විය නොහැකි බව ජනපතිට හා අගමැතිවරයාට තමා පැවසූ බවත් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එහිදී පැවසීය.

එම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් අමාත්‍ය  රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here