Sunday, September 22, 2024

ගෝත්‍රික ඒකාබද්ධය දූෂණ වහගන්න විපක්ෂයට ගොස් බුරනවා – එස්.බී. කියයි

“නාමල්ට මිලියන 70ක් දුන්නා කියලා සාක්ෂි තියෙනවා. නාමල් ඒ සල්ලි ටිකට මොනවද කළේ කියලා කිවුවා නම් ඉවරයි” යැයි අමාත්‍ය එස්.බී දිසානායක මහතා ඊයේ (14) පන්නලදී පැවසීය.

පන්නල නගරශාලාවේදී දිවිනැගුම ප්‍රතිලාභී වැඩිහිටියන් හා වෙනත් වැඩිහිටියන් සඳහා ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරතිබූ ජංගම සහන වැඩසටහනක් අවසානයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඉදිරි ඡන්දයට ශ්‍රීලනිපයෙන් නළු නිළියන් ඉදිරිපත් කරන්නේ නැති බවත්, පසුගිය කාලයේ එහෙම තත්ත්වයක් තිබුණු නමුත් දැන් එම තත්ත්වය වෙනස් වී ඇති බවත්, ඇමතිවරයා පැවසීය.

තවද ඒකාබද්ධ විපක්ෂයේ හැසිරීම ගෝත්‍රික බවත්, නව රජයට රටකරගෙන යාමට උදව් කරනවා වෙනුවට ඔවුන් අපරාධ, හොරකම්, දූෂණ වහගන්න විපක්ෂයට ගිහින් බුරන බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles