Friday, September 20, 2024

රුසියානු හමුදා සමඟ සටන් වදින්න යුක්රේනයට යාමට ඇමරිකානුවන් 3,000ක් සූදානමින් !

රුසියානු හමුදා සමඟ සටන් වැදීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වීමට කැමති විදේශිකයන්ට කළ ඉල්ලීමට ඇමරිකානුවන් 3,000ක් පමණ ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තාවනවා.

එම ඉල්ලීම සිදුකළේ යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලෙන්ස්කි විසින්.

ඒ සඳහා ඇමරිකානුවන් 3,000 ක් පමණ කැමැත්ත පළ කළ බව වොෂින්ටනයේ යුක්රේන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු ඇමරිකානු හඬ ගුවන් විදුලිය වෙත පවසා තිබෙනවා.

බටහිර රටවල් යුක්රේනයට අවි ආයුධ යැවීමට පියවර ගත්තද එහි හමුදා යැවීමේ තීරණයකට මෙතෙක් එළඹී නැහැ.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් මෙතෙක් යුරෝපයේ මධ්‍යස්ථ රටක් ලෙස සැළකුණු ෆින්ලන්තයද නේටෝ සංවිධානයට එක්විය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත්ව තිබෙනවා.

අසල්වැසි මෝල්ඩෝවා බෝල්ටික් රාජ්‍යයටද එවැනි ඉල්ලීම් ඉදිරිපත්වී ඇති බව සඳහන්.

ඓතිහාසික වශයෙන්ම මධ්‍යස්ථ සහ ආරක්ෂිත රටක් ලෙස සැළකෙන ෆින්ලන්තය 1939 දී ස්ටාලින්ගේ සෝවියට් හමුදා විසින් ආක්‍රමණය කළ අතර, එහිදී ඔවුන් පරාජය කිරීමට ෆින්ලන්තය සමත්වුණා.

ස්කැන්ඩිනේවියානු රටවල් වන ෆින්ලන්තය සහ ස්වීඩනය මෑත කාලයේදී නේටෝවට සහය දක්වන ප්‍රකාශ නිකුත් කිරීම පවා රුසියාවේ උදහසට ලක්වූ කරුණක්.

මේ නිසා රුසියානු යුද ගුවන් යානා තර්ජනාත්මක ලෙසින් ස්වීඩන ගුවන් තලය ආක්‍රමණය කරන බවටද තොරතුරු වාර්තාවුණා.

බටහිර රටවල් යුක්රේනයට අවි ආයුධ යැවීමට පියවර ගත්තද එහි හමුදා යැවීමේ තීරණයකට මෙතෙක් එළඹී නැහැ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles