බයිඩ්න් – සෙලෙන්ස්කි දුරකථන සංවාදයක්

0
251

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ අමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර දුරකතන සංවාදයක් පවත්වා තිබෙනවා.

එහි දී යුක්රේන ජනාධිපතිවරයා අමෙරිකානු ජනාධිපතිවරයා හට පවසා ඇත්තේ රුසියාවට තව තවත් සම්බාධක පැනැවිය යුතු බවයි.

ඒ අනුව රුසියාවේ තෙල් සම්බන්ධයෙන් සම්බාධක පැනවීම කෙරෙහි ද අමෙරිකානු රජයේ අවධානය යොමු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පළ කරමින්.

මේ අතර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී යුක්රේනයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවීව සම්බන්ධ වෙමින්, අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය ඇමැතීමට ද නියමිතව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here