නීති විරෝධීව මුදල් ඉපැයූ පුද්ගලයින් 1,100ක් ගැන විමර්ශනයට පියවර

0
244

නීති විරෝධී ආකාරයෙන් මුදල් ඉපැයූ 1,100 දෙනකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොලීසියේ නීතිවිරෝධී වත්කම් සහ දේපළ පිළිබඳ විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබෙනවා. 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලේ මේ වනවිට නීති විරෝධී ආකාරයෙන් මුදල් උපයන ලද පුද්ගලයන් 21 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර නීති විරෝධී වත්කම් සහ දේපළ පිළිබඳ විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි.

මෙම විමර්ශන කොට්ඨාසය මඟින් මේ වනවිට රුපියල් කෝටි 78ක දේපල තහනමට ලක්කර තිබෙන බව සඳහන් කළ  ඒ මහතා කාලයක් පුරා නීති විරෝධී ආකාරයෙන් උපයා ගත් දේපළ සම්බන්ධයෙන් මේ නව කොට්ඨසය විමර්ශනය කරන බවද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කරන බව ද කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here