මෙරටට අවශ්‍ය ඖෂධවලින් 50% – 60% අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ඒ අනුව 2025 වසර වන විට මෙම ඉලක්කය සපුරා ගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ගෝලීය ව්‍යසනය මධ්‍යයේ කොතරම් අභියෝග, දුෂ්කරතා පැමිණියද රටෙහි ජනතාවට කිසිදු ඖෂධ හිඟයක් නොතබන බවද ඔහු පැවසුවා.
ගලගෙදර ප්‍රදේශයේ “සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙල යටතේ “සැමට පානීය ජලය” ලබාදීමේ සංකල්පයෙන්, ජලය බෙදාහැරීමේ නල පද්ධතිය වැඩිදියුණු කර නව ජල සම්බන්ධතාව ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ අදහස් පළකළා.