පොහොට්ටු⁣වෙි පිරිසකගෙන් සජබ ප්‍රධාන කාර්යාලයට බිත්තර ප්‍රහාරයක්

0
257

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සමග පැමිණි පිරිසක් තම පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණ බිත්තර ප්‍රහාරයක් එල්ල කළ බව සමගි ජන බලවේගය පවසයි.

අනතුරුව කාර්යාලය ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථවල විරෝධතා පුවරු ද අලවා තිබේ.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ජනතාව වෙනුවෙන් සිදුකළේ කුමක්දැයි පවසමින් පැමිණ සිටි පිරිස විසින් එහිදී විරෝධතාවය දක්වා තිබෙනවා.

අනතුරුව ඔවුන් සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයට බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පසුව එම පිරිස පසුව එම ස්ථානයෙන් පිටව ගොස් තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here