වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය හේතුවෙන් දිවයින පුරා ඇති බේකරි 7000 කට වැඩි ප‍්‍රමාණයක් වැසී යෑමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.
මෙම තත්ත්වය තුළ බේකරි, ආපනශාලා, චූන්පාන්, ඇතුළු ක්‍ෂේත‍්‍ර රැසකටම දැඩි බලපෑම් එල්ල වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේය.
මේ හේතුවෙන් ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි බවත් කඩ කුලී සහ සේවක වැටුප් ගෙවීම පවා දුෂ්කර තත්ත්වයට පත්ව ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
ගෑස් හිඟය , පාන් පිටි හිඟය , විදුලිය කප්පාදුව සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් බේකරි නිෂ්පාදන අලෙවිකර ගැනීමේ විශාල ගැටලූවකට මුහුණපා ඇති බව ද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේය.
එමෙන්ම ජංගම රථවලින් චූන්පාන් අලෙවියේ යෙදෙන වෙළෙඳුන් ද මේ වන විට සිය නිෂ්පාදන අලෙවිකර ගැනීමට නොහැකි වීමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කීය.
රජය මෙම ගැටළුවට වහා විසඳුමක් නොදුනහොත් හෝටල්, ආපනශාලා සහ බේකරි කර්මාන්තයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමට සිදුවනු ඇති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙි අතර පවතින ගෑස් හිගයත් සමඟ දිවයින පුරා ප්‍රධාන නගරවල ආපනශාලාවලින් 60%ක් මේ වනවිට වැසී ගොස් ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
කොළඹ නගරය හා ඒ අවට තදාසන්න ප්‍රදේශවල ආපනශාලා 1500ක් පමණ වැසී ගොස් ඇති බවයි එහි සභාපති අසේල සම්පත් සදහන් කළේ.
එමෙන්ම, අද දිනය වනවිට රජයේ රෝහල්වල ආපනශාලා ද ගෑස් අවසන් වීම හේතුවෙන් වැසී යාමේ අවදානමක් මතුව තිබෙනවා.
තවද, ගෑස් හිඟය හේතුවෙන් මේ වනවිට බේකරි 1,000කට අධික සංඛ්‍යාවක් වසා දැමීමට සිදුව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කර සිටිනවා.
මේ අතර, පාසල් ආපනශාලා යළි විවෘත කිරීමට අවසර දී තිබෙනවා. ඒ, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලවයි.
ඒ අනුව එක් එක් පන්ති සඳහා වේලාවන් වෙන් කර විවේකය ලබාදීම, පන්තියකින් එක් සිසුවෙකු මුළු පන්තියටම අවශ්‍ය ආහාරපාන ඇනවුම් ලබාදීම, නියමිත වේලාවට ආහාර සුදානම් කර සෞඛ්‍ය ආරක්ෂිතව පන්තිවලට සැපයීම ක්‍රියා කිරීම , දුරස්ථභාවය තබා ගැනීමට අඛණ්ඩව ක්‍රියා කිරීම යන නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබෙනවා.