මොරටුවට දැඩි සුළං – නිවාස 11 කට හානි..

0
358

මොරටුව, කොරලවැල්ල ප්‍රදේශය හරහා අද උදෑසන දැඩි සුළඟක් හමා ගොස් තිබේ.

ඒ හේතුවෙන් නිවාස 11කට පමණ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිළධාරින් මේ වන විට එම ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවයි.

මේ අතර ඉදිරි දින කිහිපයේදී මධ්‍යම කඳුකරයට සහ නැගෙනහිර පළාතට වැඩි වර්ෂාවක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here