Monday, November 18, 2024

මහින්ද කීවේ මහ මෝඩ කතාවක් – මහතීර් මොහොමඩ්ට උපමා කළ මහින්දට විමල්ගෙන් පහරක් !

රටේ ඩොලර් අර්බූදයක් නොමැති බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා දැඩි ප්‍රතිචාරයක් දැක්වීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී කියා සිටියේ ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වන නැව්වලින් ගොඩබෑමට පමණක් ඇති බවත් අමාත්‍යවරුන් අවබෝධයෙන් තොරව කරන ප්‍රකාශ නිසා ඉන්ධන පෝලිම් ඇති වී තිබෙන බවත්ය.

ඊට ප්‍රතිචාර ලෙස විමල් විරවංශ මහතා පවසා සිටියේ අග්‍රාමාත්‍යවරයා නොව කවුරුන් කීවද එය මෝඩ ප්‍රකාශයක් බවයි.

මෙරට ඉන්ධන අර්බුදයක් ඇතිව තිබෙන්නේ ඉන්ධන නොමැති බවට හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිදුකළ ප්‍රකාශය නොව ආනයනික ඉන්ධන නැව් මෙරටට ගොඩබෑම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට රටේ ඩොලර් නොමැති නිසා බවයි විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ.

මේ වන විට ගෑස් සම්බන්ධයෙන්ද මතුව තිබෙන්නෙ එවන් අර්බුදයක් බව වීරවංශ මහතා සදහන් කරනවා.

අර්බුදයේ ඇත්ත තත්ත්වය සාකච්ඡා නොකොට කිසිදු අර්බුදයක් නොමැති බවට සිතා යම් අයෙක් රාත්‍රියේ නිදිවදියි නම් පසුදා උදෑසන හිසට අර්බුදයේ පොලු පහර ලැබෙන බව වීරවංශ මහතා වැඩිදුරටත් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද පෙරවරුවේ කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මාධ්‍යවේදියා – අගමැතිතුමා කියලා තිබුණා අමාත්‍යවරු යම් පිරිසක් ව්‍යාජ පුවත් ඉන්ධනයක් ඇති වෙනවා කියලා, ව්‍යාජ පුවත් පලකරපු නිසා තමයි මේක උද්ගත වුනේ. ඉන්ධන අර්බුදයක් තිබුනේ නෑ. ඉන්ධන බාගන්න බැරිව තමයිලු තිබුනේ.

විමල් වීරවංශ – අගමැතිතුමා කිව්වත්, කවුරු කිව්වත් ඒක මහ මෝඩ ප්‍රකාශයක්. මට කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා. මොකද ඉන්ධන හිගයක් ඇතිවෙන්නේ, ඉන්ධන දවසක් දෙකකින් තුනකින් නෑ කියපු නිසා නෙවෙයි. එහෙම නම් ඉදිරියේදී ඉන්ධන සියයට සියයක් ඇතිකරලා පෙන්වන්නකෝ. ඔය කියන විදිහට.

“මුදල් අමාත්‍යවරයා මේ ආර්ථික අර්බුදය උත්සන්න වීම බලාපොරොත්තු වෙන කෙනෙක්. ඔහුට උවමනා අර්බුදය උත්සන්න කරලා, ව්‍යසනකාරී තත්වයකට ඇද දමලා මේ රට බටහිර උපායමාර්ගයට ගොදුරු කරවීමයි” යයිද ඔහු තව දුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles