විමල් වීරවංශ මීලග ජනාධිපති වීමෙි සැලසුමක් ගැන රාජ්‍ය ඇමති සනත් නිශාන්තගෙන් අනාවරණයක් !

0
572

මෙරට මීලග ජනාධිපතිවරයා බවට පත්වීමට බලාපොරොත්තුවෙන් විමල් වීරවංශ මහතා විසින් ආණ්ඩුව අපහසුතාවයට ලක් කරන ලද බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සදහන් කරයි.

තේ කෝප්පයේ කිඹුලන් පෙන්වීම නිසා වීරවංශ මහතාටත් උදය ගම්මන්පිල මහතාටත් අමාත්‍ය ධුර අහිමි වූ බව ද හෙතෙම පැවසීය.

ආණ්ඩුව විවේචනය කරමින් විමල් වීරවංශ උදය ගම්මන්පිල ඇතුළු පිරිස එල්ල කරන චෝදනා සම්පූර්ණ අසත්‍ය යැයි ද ඔහු කියා සිටියි.

ඔවුන් ධුරවලින් ඉවත් කරමින් ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ ජනාධිපති බලතල අනුව බවත් එම හිටපු අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට එල්ල කරන චෝදනා විවේචන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here