පෞද්ගලික රෝහල් වැට් බද්ද මුළුමනින්ම අහෝසියි..

0
386

පෞද්ගලික සෞඛ්‍ය සේවය සඳහා පනවා තිබූ සියයට 15 වැට් බද්ද මුළුමනින්ම අහෝසි කර තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලූම පෞද්ගලික රෝහල් බලධාරීන් වෙත ඊට අදාළ නියෝගය ඊයේ (14) නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අනුව පෞද්ගලික රෝහල් ගාස්තු , වෛද්‍ය ගාස්තු සහ වෛද්‍ය පර්යේෂණ වෙනුවෙන් අය කළ සියයට 15 වැට් බද්ද සම්පූර්ණයෙන් අහෝසි වනු ඇති.

දුරකතන ගාස්තු අඩුකර ගැනීම සඳහා අධිකරණමය කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේ සංශෝධිත වැට් බද්ද කි‍්‍රයාත්මක නොකරන ලෙස අධිකරණ නියෝගයක් ලබාදී තිබුණද දුරකතන ගාස්තු මත අය කෙරුණු වැට් බද්ද තවමත් කි‍්‍රයාත්මක බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here