කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට(16) වතුර නෑ..

0
373

කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයකට හෙට (16) දහවල් 12.00 සිට මධ්‍යම රාත‍්‍රී 12.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, හෝමාගම, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ හා ගොඩගම එම ප‍්‍රදේශ අතරට අයත්.

මීට අමතරව මීපේ, හංවැල්ල, කළුඅග්ගල හා පාදුක්ක යන ප‍්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවෙනු ඇති.

කඩුවෙල ප‍්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියා සිටියේ.

කලටුවාව ජල පවිත‍්‍රාගාරයේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් ඊට හේතු වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here