පුද්ගලයින් මිලියන දෙකක් යුක්‍රේනය හැර ගිහින් – එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වන මහකොමසාරිස්

0
467

යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුද තත්ත්වය හමුවේ යුක්‍රේනයේ ජීවත් වෙන පුද්ගලයින් මිලියන 02ක් අද (08) වන විට යුක්‍රේනය අත්හැර ගොස් ඇති බවට වාර්තා වෙනවා.

එක්සත් ජාතින්ගේ සරණාගතයින් සඳහා වන මහ කොමසාරිස් ෆිලිපෝ ග්‍රෑන්ඩ් විසින් ට්විටර් සටහනක් තබමින් මේ බව පවසා තිබුණා.

ඔහු මීට පෙර පවසා තිබුණේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝපය ඉතිහාසයේ විශාලතම සරණාගත අර්බුදයට මුහුණ දෙමින් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here