විමල් හා ගම්මන්පිල කළ යුත්තේ විපක්ෂයේ අසුන් ගැනීමයි – තලතා

0
494

අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් මේ මොහොතේ කළ යුත්තේ විපක්ෂයේ අසුන් ගැනීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාල මහත්මිය පවසනවා.

එසේ නොකර තවදුරටත් පොදුජන පෙරමුණු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන්නේ නම් ඔවුන්ගේ මතවාදය විශ්වාස කළ නොහැකි බවයි මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නේ.

තලතා අතුකෝරල මහත්මිය මෙම අදහස් පළ කලේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රටේ උද්ගතව ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන්ද තලතා අතුකෝරාල මහත්මිය මෙලෙස අදහස් පළ කළා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here