උදයංග අල්ලන්න FCID, රතු වරෙන්තු ඉල්ලයි..

0
370

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගුවන් යනා මිලදී ගැනීමේදී  සිදුව ඇති වංචා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස උදයංග විරතුංග මහතාට නොතීසි නිකුත් කර තිබුණි.

ඒ අනුව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව අදාළ නියෝගය සම්බන්ධ තීරණය ලබන 18 වනදා ලබාදීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය තීන්දු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here