රජයේ අභ්‍යන්තර ගැටලු බාහිර පාර්ශව වෙත හෙළිකිරීමෙන් වෙන්නෙ රටෙි ගැටලු තවදුරටත් උග්‍ර වීම

0
492

රජය අභ්‍යන්තරය තුල ඇති අඩුපාඩු සහ ගැටලු බාහිර පාර්ශව වෙත හෙළි කිරීම හරහා සිදුවන්නේ රටේ ගැටලු තවදුරටත් උග්‍රවීම බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා.

හිටපු බලශක්ති අමාත්‍යවරයා විසින් ඉන්ධන සංචිත සම්බන්ධයෙන් පසුගිය කාලසීමාවේදී සිදුකල ප්‍රකාශ අද පවතින විශාල ඉන්ධන පෝළිම් ගැටලුව සදමහාද හේතු වූ බවයි ඔහු පවසන්නේ.

අද පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවට එක්වෙමින් එස් එම් චන්ද්‍රසේන මහතා මේ බව කියා සිටියා.

මේ අතර මුදල් අමාත්‍යවරයා සහ හිටපු බලශක්ති අමාත්‍යවරයා අතර පවතින මත්භේදාත්මක තත්වය සම්බන්ධයෙන්ද චන්ද්‍රසේන මහතා සිය අදහස් පළ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here