Saturday, September 21, 2024

ශ්‍රීලනිපය ඉදිරිපත් කළ ප්‍රධාන යෝජනාවට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එකඟත්වය පළ කළා – මෛත්‍රී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ ප්‍රධාන යෝජනාවට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එකඟත්වය පළ කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර ජනාධිපති කාර්යාලයේදී අද (08) පස්වරුවේ පැවැති සාකච්ඡාවේදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,

“රටේ පවතින අර්බුදය මැද ජනතාව පත්වී ඇති පීඩනය අවම කිරීමට කිසියම් සහන වැඩපිළිවෙලක අවශ්‍යතාව ඉටුකිරීමට සඳහා සර්ව පාක්ෂික නායක සමුළුවක් කැඳවන්න කියන එක අපේ ප්‍රධාන යෝජනාවක් වුණා.”

“ඒ අනුව අද අපි කරන ලද සාකච්ඡාවේදී ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එකඟතාවය පළ කළා.”

“මේ මාසයේ අවසානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිතුමාගෙන් ආරාධනයක් ලැබේවි.”

“සර්ව පාක්ෂික සමුළුවට අනුගාමීව විද්වතුන්ගේ සමුළුවකුත් කැඳවීමට අපි ඉල්ලා සිටියා. ඒකටත් එකඟත්වය පළවුණා.”

වර්තමානයේ රට මුහුණ පා ඇති අර්බුදයන්ට විසඳුම් ඇතුළත් කරුණු 15කින් සමන්විත යෝජනාවලිය පිළිබඳව ජනාධිපතිවරයා සමග පැවති මෙම හමුවේදී සාකච්ඡා කළ බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවසීය.

එම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද එක්වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles