ඇසල පෙරහැර බලන්න, විශේෂ දුම්රිය සේවා…

0
486

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය තීරණය කර තිබේ.

ලබන මස 13 වන දින සිට 18 වන දින දක්වා එම දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව අදාළ කාලය තුළ කොළඹ කොටුවේ සිට මහනුවර දක්වාත් මහනුවර සිට  කොළඹ කොටුව, නාවලපිටිය සහ මාතලේ දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කිරීමට නියමිතව තිබේ.

සාමාන්‍ය දුම්රිය ධාවනයන්ට අමතරව විශේෂ දුම්රිය ධාවනයට යෙදවීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here