Monday, September 23, 2024

කවුරු ගියත් අපි බැසිල් එක්කයි.ආර්ථිකය මෙහෙම හරි තියෙන්නේ බැසිල් නිසයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ තරමට හෝ ආරක්ෂා වී ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවැසීය.

එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ආණ්ඩුව නියෝජනය කරන සියලු පාර්ශ්ව ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගමන් කළයුතු බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළ බවය.

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පාර්ලිමේන්තුවේ පැවැති හමුවකින් අනතුරුව ඔහු මේ බව පැවැසීය.

“මොන අමාත්‍යවරයා ඉවත් කළත් මොන තීන්දුව ගත්තත් රාජපක්ෂවරුන්ගේ ශක්තිමත් පුද්ගලයෙක් ලෙස එතුමා ගන්න ඕනෑම තීන්දුවකට අපි (පසුපෙළ මන්ත්‍රීවරුන්) එතුමත් සමග ඉන්නවා කියන අපි සියලුදෙනාම අද අත්දෙකම උස්සලා අපි එතුමට ලබා දුන්නා.

ඔය අවලස්සන ඇමෙරිකානුවා කියලා චෝදනා කරන්, ඇත්තටම අපි හිතුවා හොඳ ඇමතිවරු කියලා නමුත් විනයක් නැති, කටට බ්‍රේක් නැති විමල් වීරවංශ, උදය ගම්මන්පිල වගේ අය අපේ ආණ්ඩුවේ ඇමතිධුර මෙහෙයවපු එක ගැන අපිට ලැජ්ජයි.

බැසිල් රාජපක්ෂ ඇමතිතුමා අපිට උපදෙස් ලබාදුන්නේ පුළුවන් තරම් ඉන්න කට්ටිය ආරක්ෂා කරගෙන යමු කියලයි.

ඇමරිකාවට මේ රට විකුණන්න හදනවා කියන චෝදනා සම්බන්ධයෙන් එතුමා විශාල වශයෙන් සංවේදී වුණා. මොකද එහෙනම් යුද්ධෙ කාලෙදී තමයි ඇමෙරිකාවත් එක්ක එකතු වෙලා කුමන්ත්‍රණ කරනවානම් එතුමට කුමන්ත්‍රණ කරන්න තිබුණේ.

මේ අමාරු වෙලාවේ මේ තරම්වත් ආර්ථිකය පවතින්නේ එතුමා නිසා තමයි කියන කාරණාව තමයි අපිට වැටහීමක් තියෙන්නේ.”

ඒ නිසා ඒ චෝදනාව ගැන එතුමා දුක්මුසු තත්ත්වයක ඉන්නවා අපි දැක්කා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles