ඉදිරි කන්නයේදී සහල් මිල පාලනය කරන්න පුළුවන් සහල් මාෆියාවකට ඉඩ නැහැ – කෘෂිකර්ම ඇමති

0
266

ඉදිරියේ දී සහල් මිල පාලනය කිරිමේ හැකියාව පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

මෙම කන්නයේදී වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක සංචිතයක් පවත්වා ගැනීම තුළින් වෙළඳපොළේ සහල් මිල පාලනය කිරීමට රජයට හැකි වනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.


එමඟින් සහල් මාෆියාව අවසන් කිරීමට හැකි වනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ලබන වසරේ සිට හෙක්ටෙයාර 25,000 ක් හඳුනාගෙන අල, ලූණු මිරිස් මේ රට තුළ වගා කිරීමේ වගා සංග්‍රාමයක් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

කොළඹ අද (9) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here