මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයන් පිළිබඳව අනාවරණයක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් සිදු කළේය.
චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අසූචි ප්‍රහාර එල්ල කිරීමට පැමිණි පුද්ගලයා හා පසුගියදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිවස අසළ පැවැති විරෝධතාවයේදී මළ පහ කළ පුද්ගලයා එක සමාන බව ඔහු පැවැසීය.
“හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියගේ ගේ ඉස්සරහට ගිහිල්ලා කෑ ගහපු අය මළ පහ කළා එතන. ඒකේ පොටෝ ටික අපි ගාව තියෙනවා. මම දැන් ඔත්තුවක් දෙනවා. ඒ මළ පහ කරපු එක්කෙනාගේ හැඩරුව සමානයි අර චමුදිත මාධ්‍යවේදියාට අසූචි ගහන්න ගිය අපි සී.සී.ටී.වී. පොටෝ වලින් දැකපු කෙනාට. මේ සම්බන්ධව යම්කිසි පියවරක් ගන්න කියලා මේ අවස්ථාවේදීම ඉල්ලීමක් කරනවා.” යැයි මන්ත්‍රීවරයා පවසා සිටියා.
අදාළ ප්‍රකාශය පහතින්,