අතුරුදහන් වූවන් පිළිබඳ කොමිසමේ කාලය අවසන්..

0
329

අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ කාලය අවසන් වී තිබේ.

එහි සභාපති මැක්ස්වෙල් පරණගම මහතා සඳහන් කළේ ඊයේ දිනයෙන් අදාළ කොමිෂන් සභාවේ කාලය අවසන් වූ බවයි.

අතුරුදහන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළද ඒ සඳහා අනුමැතිය හිමි නොවූ බව මැක්ස්වෙල් පරණගම මහතා සඳහන් කළේය.

ඒ අනුව සිය කොමිසමේ කටයුතු ඊයේ දිනයේ සිට නතර කිරීමට පියවර ගත් බව සභාපතිවරයා පැවසුවේය.

කොමිසම විසින් සිදුකළ විමර්ශන කටයුතුවල වාර්තාව මේ වනවිට සකස්කරමින් සිටින අතර ඉදිරි දින කිහිපය තුළ එය අවසන් කිරීමට නියමිතය.

ඒ අනුව අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට කටයුතු කරන බව මැක්ස්වෙල් පරණගම මහතා සඳහන් කළේය.

අතුරුදහන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිසමට පැමිණිලි 19,000කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබූ අතර ඉන් සැළකිය යුතු ප්‍රමාණයක විමර්ශන කටයුතු සිදුකිරීමට හැකි වී ඇත.

අතුරුදහන්වූවන් පිළිබඳ නව කාර්යාලයක් ස්ථාපිත කිරීමට රජය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බැවින් අතුරුදහන්වූවන් පිළිබඳ කොමිසමේ කාලය දීර්ඝ නොකිරීමට හේතු වී ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here