තොරතුරු පනත, ජනතාව දැනුවත් කරමින් රට වටේ…

0
354

තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

තොරතුරු දැනගැනීමේ පනත පිළිබදව  ජනතාව දැනුවත් කිරීම මේ වන විට පුළුල් ජාතික අවශ්‍යතාවක් බවට පත්වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

ඒ අනුව ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන යටතේ ප්‍රථමයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට සැළසුම් කර තිබේ.

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය සමග එක්ව මෙම මස 27 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගායේදී විශේෂ මාධ්‍ය සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.

අනතුරුව තොරතුරු දැනගැනීමේ පනත පිලිබදව මහජනතාව දැනුවත්කිරීම සඳහා සම්න්ත්‍රණ මාලාවක් පැවැත්වීමට පියවර ගන්නා බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here