රුසියානු හමුදා යුක්රේනයේ කිව් අගනුවරට කිලෝමීටර් 15 ක් ආසන්නයට පැමිණෙයි

0
303

රුසියානු හමුදා යුක්රේනයේ කිව් අගනුවරට කිලෝමීටර් 15 ක් ආසන්නයට පැමිණ තිබෙනවා.

පසුගිය පැය 24 තුළදී ඔවුන් කිලොමීටර් 05 ක් ඉදිරියට පැමිණ ඇති බවයි අමෙරිකානු බුද්ධි අංශ පෙන්වා දෙන්නේ.

මේ අතර තුර්කියේ පැවති යුක්රේන – රුසියා විදේශ අමාත්‍ය හමුව එකගතාවයකින් තොරව අවසන් වී ඇති බව සඳහන්.

දෙපාර්ශවය අතර සටන් විරාමයක් ඇති කර ගැනීම සඳහායි මෙම සාකච්ඡාව පැවැත්වුණේ.

මේ අතර චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය සමග වන සියලු සබඳතා අඩාල වී ඇතැයි යුක්රේනය විසින් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිත ආයතනයට දන්වා තිබෙනවා.

එහි බලය රුසියානු හමුදා විසින් අත්පත් කරගත් අතර අනතුරුව විදුලිය කපා හැරීමක්ද සිදුවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here