Saturday, November 16, 2024

ශ්‍රී ලංකාව ඉල්ලූ ඩොලර් ණය පහසුකමට ඉන්දියාවෙි අනුමැතිය ලැබෙයි

ශ්‍රී ලංකාව ඉල්ලා සිටි ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඩොලර් මිලියන 500ක ණයක් ලබා දීමට ඉන්දීය බැංකු සිය සංචිත නිකුත් කරන බව නිවේදනය කරනවා.

ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාව ඉල්ලා සිටි ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකම සඳහා ඉන්දීය බැංකු සංචිත නිකුත් කරන බව නිවෙිදනය කර ඇත.

ඒ සඳහා ඉන්දීය මහ බැංකුවේ අනුමැතිය හිමිව ඇති බව එරට මාධ්‍ය සඳහන් කළා.

එය ප්‍රධාන වශයෙන් යොදාගැනෙනු ඇත්තේ ඉන්ධන ආනයනයට යි.

ඒ අනුව ඉන්දියාවේ විකුණුම්කරුවෙකු, මුළු ණයවලින් අවම වශයෙන් 75%ක වටිනාකමකින් යුත් නිෂ්පාදන, වැඩ සහ සේවා සැපයිය යුතු අතර, ඉතිරි 25% විකුණුම්කරුවෙකුට ඉන්දියාවෙන් පිටත සිට මිල දී ගත හැකි යි.

මෙහි දී ණය පහසුකමෙන් සියයට 75ක් ඉන්දීය අපනයනකරුවන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා යොදාගත යුතු අතර, ඉතිරි සියයට 25 වෙනත් ඕනෑම රටකින් භාණ්ඩ ආනයනය සඳහා යොදාගත හැකියි.

ණය පහසුකම මාස හයක කාලය සඳහා ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත එය තවත් වසරක කාලයක් සඳහා දිගු කළ හැකි බව ඉන්දීය මහ බැංකුව දන්වා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles