ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ප්‍රසිද්ධ නොකරන්නැයි කළ යෝජනාවක් ප්‍රතික්ෂේප වෙයි

0
271

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රසිද්ධ නොකරන ලෙසට ඉදිරිපත් කර තිබූ යෝජනාවක් අධ්‍යාපන උපදේශක කාරක සභාවේදී ප්‍රතික්ෂේප වී තිබෙනවා.

මෙම කඩඉම් ලකුණු ලබා දීමෙන්, විශේෂයෙන් දෙමව්පියන්ට තම දරුවාට අවශ්‍ය පාසලක් තෝරා ගැනීම සඳහා අවස්ථාව සැලසෙන බවයි කාරක සභාවේ බහුතරය පෙන්වා දී ඇත්තේ.

දැනට 05 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින දරුවන්ගේ සහ දෙමාපියන්ගේ බලාපොරොත්තු කඩ නොකරන ලෙස මෙහිදි මන්ත්‍රීවරුන් කරුණු ඉදිරිපත් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here