තුර්කි කුමන්ත්‍රණයේ පුද්ගල මරණ හා අත්අඩංගුවට ගැනීම් තව දුරටත් ඉහළ යයි..

0
446

තුර්කි රජයට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් සිදු කිරීමේ චෝදනාව මත එරට හමුදා සාමාජිකයින් 3000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැරලිකාර හමුදා සාමාජිකයින් විසින් ඊයේ(15) රාත්‍රී සිට තුර්කියේ ස්ථාන කිහිපයක් අත්පත් කරගෙන තිබූ අතර මේ වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම සමතයකට පත්ව ඇති බව වාර්තා වෙයි.

ඊයේ රාත්‍රී සිට ඇති වූ සිද්ධීන් වලින් පුද්ගලයින් 161 දෙනෙකු මියගොස් ඇති අතර 1440 දෙනෙකු තුවාල ලබා තිබේ.

මේ අතර එරට බුද්ධි අංශ විසින් සිදු කළ විමර්ශනවලදී හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ හමුදා සාමාජිකයින් 2839 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතර ඉහළ පෙළේ හමුදා නිලධාරීන් ද සිටින බව එරට අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here